අපෙන්, ඔවුන්ට

ගමෙහි හදවත යන අරුත් දරන, ගම්මැද්ද උපත ලැබුවේ සම්බන්ධතා පවත්වාගැනීම යන අදහස පෙරදැරවයි. දේශපාලන , ආර්ථික , ආගමික සහ සංස්කෘතික බෙදීම් බිඳ දමා අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ළඟාවීම එහි අරමුණයි.පැවති ආණ්ඩු වසර ගණනක කාලයක් බොරු පොරොන්දු දෙමින් ජනතාව මුලාකර ඇතැයි ජනතාව චෝදනා කරද්දී ඊට විසඳුමක් ලෙස නිව්ස් ෆස්ට්, ගම්මැද්ද ඇරඹුවා.එය දැන් හුදෙක් වචනයක් පමණක් නොව සමස්ත ජාතියක අපේක්ෂාවේ සංකේතය බවට පත්ව අවසන් .මෙරට ඉතිහාසයේ ඇරඹි විශාලතම මානුෂවාදී මෙහෙවර මෙයයි.

දැක්ම

ගම්මැද්ද බිහිවන්නේ සබඳතා පවත්වාගැනීම යන පදනම තුලයි. අමතක කරදැමූවන්ට අවස්ථා ලබාදී යහපත් හෙටක් සඳහා ඔවුන්ට ඉඩ සැලසීම පිලිබඳව අප විශ්වාස කරනවා.මෙරට දුෂ්කර ප්‍රදේශ සංවර්ධනය කිරීමට කැමති පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් අප ලංකාවේ ප්‍රදේශ රැසක ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙන්නේ දැවැන්ත ආදර්ශයක් දෙමින්.

වැඩිදුර විස්තර