V-Force உடன் தன்னார்வத்தொண்டில் ஈடுபடுங்கள்

ගම්මැද්ද වී ෆෝර්ස් ක්‍රියාන්විතය ඇරඹුණේ “තමාට පෙර රට” යන සංකල්පය ඉස්මතු කරමින් , වටිනා කාර්යභාරයකට ස්වේච්ජාවෙන් දායක වීමේ අවස්ථාව ලබා දීමටයි.රට පුරා සිටින ස්වේච්ජා සේවකයින්ගෙන් සැදුම්ලත් වී ෆෝර්ස් ක්‍රියාන්විතය පෙර සැලසුම් කළ ස්ථාන වෙත යැවෙන්නේ ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයට දායක වීම සඳහායි .

ආණ්ඩු අපොහොසත් වූ අවස්ථාවල ශක්තිමත් හා සහජීවනයෙන් යුත් සමාජයක් ගොඩනැගීමට ස්වේච්ජා සේවය දක්වන ඉමහත් දායකත්වය නිව්ස්ෆස්ට් හඳුනාගෙන තිබෙනවා.එබැවින් , ස්වේච්ජා සේවය නැමති ප්‍රජා සත්කාර ක්‍රියාවට සමාජමය බැහැරකිරීම් ඉවත දා ප්‍රජා සංවර්ධනයට උපකාර කිරීමේ පිළිවෙත් දිරිගන්වමින්.මිනිසුන් මිනිසුන්ට උපකාර කිරීමේ පිළිවෙත තුළ එකිනෙකාට උපකාර කිරීම යන මූලික වටිනාකම් තුළින් වී ෆෝර්ස් ගොඩනැගුණා .මෙය ශ්‍රී ලංකාව තුළ අතීතයේ සිට පැවත එන හුවමාරු සංස්කෘතිය සහ සමාජ සත්කාරක ක්‍රියා ආදී වටිනාකම් තුළින් මතු වුවක්.

தனிநபராக தன்னார்வத்தொண்டில் ஈடுபடுங்கள்

වී ෆෝර්ස් ව්‍යාපෘති ඔස්සේ සහභාගී වන්නන්ට සම්පූර්ණ දිනක සේවය ලබාදෙනවා.එමගින් ඔවුන්ට ඉගෙනීමට සහ ජීවිත කාලය තුරා පවතින මිතුදම් ගොඩනැගීමට හැකිවනු ඇති.එක් දින ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන වී ෆෝර්ස් වැඩසටහන මගින් පූර්ව සැලසුම් කළ ස්ථාන වෙත ස්වේච්ජා සේවකයන් රැගෙන යාම සිදුකෙරෙන අතර එහි අරමුණ ජාතිය ගොඩනැගීමේ වගකීම භාරගැනීමට ඔවුන් යොමුකිරීමයි .

දැන් එක්වන්න

කණ්ඩායමක් ලෙස ස්වේච්ජා සේවයේ නිරතවීම 

වී ෆෝර්ස් කණ්ඩායම් අපේක්ෂා කරන්නේ තරුණයන් වෙනසක මෙහෙයුම්කරුවන් බවට පරිවර්තනය කරමින් ඔවුන් දිවිගෙවන ගම්මානද යහපත් වෙනසක් කරා ගෙන යාමට උනන්දු කිරීමයි.මේ යටතේ සෑම ගම්මානයකම තරුණ බලකාය , සිය ප්‍රජාව තුළ විවිධ ව්‍යාපෘති අරඹන අතර සෙසු සමාජ සංවිධාන සිදු කරන විශේෂ ව්‍යාපෘති සඳහාද දායක වනු ඇති.වී ෆෝර්ස් ශිෂ්‍ය කණ්ඩායම් ශිෂ්‍ය ස්වේචජා කටයුතු සහ අධ්‍යනයේ ප්‍රගමනයට කටයුතු කරන අතර ඔවුන්ගේ ක්‍රියා තරුණ ප්‍රජාව සිවිල් සේවා වල නිරත වීමට දිරියක්.
වී ෆෝර්ස් සමග එක්වන කණ්ඩායම් වන්නේ ප්‍රජාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පෙරට හන සමාගම් සේවකයන්.

කණ්ඩායමක් ලෙස ස්වේච්ජා සේවයේ නිරතවීම