නිසි නිවසක් නොමැතිව දුක් විඳින පවුලට නව ආරම්භයක්

නිසි නිවසක් නොමැතිව මාස ගණනාවක් දුක් විඳිමින් සිටි පවුලකට ගම්මැද්ද අලුත් බලාපොරොත්තුවක් ගෙන ආවේය.

පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනිදා හාලිඇළ ප්‍රදේශයේ චන්දිමා නෙළුම් කුමාරිගේ පවුලට අත්වූ ඉරණම ගම්මැද්ද හෙළි කළේය. ජීවත් වීමට සරිලන නිවසක් නොමැති මෙම කාන්තාවගේ දරුවන් තිදෙනාගේ සහ ඔවුන්ගේ මිත්තණියගේ කතාව බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් ගෙනාවා.

ඉන් අනතුරුව, ආයතනික සමාජ වගකීම් වැඩසටහනක කොටසක් ලෙස මෙම පවුලට නව නිවසක් ලබාදීමට ASP Logistics International Pvt Ltd ඉදිරිපත් විය.

වැදගත්ම දේ තමයි ගම්මැද්ද සමඟ අත්වැල් බැඳගත් ඔබ නිසා තමයි මේ වගේ පවුල්වලට අන්තිමට තමන්ගේ දෙපයින් හිටගන්න පුළුවන් වෙන්නේ.

චන්දිමා නෙළුම් කුමාරි වැන්නවුන්ට මාස කිහිපයකින් නව නිවහනක සුව පහසුව අත්විඳින්නට හැකිවන පරිදි සහන සැලසීමට පෙරට යාමේ ගෞරවය හිමිවිය යුත්තේ සැබැවින්ම මේ අභිමානවත් ජාතියේ කාරුණික හදවත් ඇත්තන්ටය.

ගම්මැද්ද. ජනතාව වෙනුවෙන්. ජනතාව විසිනි.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න