මෛත්‍රීගමට පිරිසිදු පානීය ජලය

මෛත්‍රීගම ගම්මානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි පලුගස්වැව ග්‍රාමීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ගම්මානයකි. පදිංචිකරුවන් ප්‍රධාන වශයෙන් ගොවීන් සහ දෛනික කුලී කම්කරුවන් වේ. ඔවුන්ගේ භූගත ජල සැපයුම කැල්සියම් තැන්පතු වලින් දූෂිත වී ඇත. වියළි කාලවලදී ඔවුන්ගේ ළිං සිඳී යන අතර ඔවුන්ට ගොවිතැන් කිරීමට හැකි වන්නේ තෙත් කාලවලදී පමණි.

ප්‍රදේශයේ මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 28 කි. මෛත‍්‍රීගම ප‍්‍රදේශයේ ප‍්‍රතිඔස්මෝසිස් පෙරීමේ යන්ත්‍රයක් ස්ථාපිත කිරීම ගම්වාසීන්ට ඉමහත් උපකාරයක් වනු ඇත.

මෛත‍්‍රීගම සහ ඒ අවට ගම්මාන රැසක ගොවිජන පවුල් 700කට ආසන්න ප‍්‍රමාණයකට පිරිසිදු පානීය ජලය කඩිනමින් ලැබෙනු ඇත.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2022 මැයි 19 වැනිදාය.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න