'ගම්මැද්ද' ජුනි 28 වන සඳුදා නැවතත් සීමාවන් බිඳ දැමුවේ 'ගම්මැද්ද තක්සලාව' නිදහස් අධ්‍යාපන සංකල්පය අ.පො.ස. සාමාන්‍ය පෙළ සිට 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය දක්වා පුළුල් කිරීමෙනි.
ය
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් අධ්‍යාපනික වැඩසටහන් සඳුදා (28) සිට සතියේ දිනවල පෙ.ව. 9 සිට පෙ.ව. 10 දක්වා විකාශනය කෙරෙන අතර නැවත විකාශනයක් එදිනම ප.ව. 03 සිට ප.ව. 04 දක්වා පැවැත්වීමට නියමිතය.
ය
මීට අමතරව, සාමාන්‍ය පෙළ විෂයයන් පිළිබඳ පාඩම් සතියේ දිනවල පෙ.ව. 08 සිට පෙ.ව. 09 දක්වා විකාශනය වන අතර එදිනම ප.ව. 04 සිට ප.ව. 05 දක්වා නැවත විකාශනය කෙරේ.
ය
ඊට අමතරව, දෙමළ මාධ්‍ය සිසුන් සඳහා නොමිලේ විකාශන පන්ති සතියේ දිනවල පෙ.ව. 06 සිට පෙ.ව. 07 දක්වා ශක්ති රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
ය
මූල්‍යමය බාධාවන් සහ වෙනත් හේතූන් මත මාර්ගගත පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ දරුවන් පිළිබඳ වාර්තා ගලා ඒමත් සමඟ 'ගම්මැද්ද තක්සලාව' දියත් කරන ලද අතර, එමඟින් රට පුරා බොහෝ දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය ඉස්මතු විය.
ය
මූලාශ්‍රය: නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය www.newsfirst.lk