වලලියේ සතුට ගලා යයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව මැතිවරණ කොට්ඨාශයේ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් අංක 171 වලලිය ප්‍රදේශයේ පදිංචි පවුල් 300කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.

පිරිසුදු පානීය ජලය ලබාගැනීමේ දී මෙම ජනතාව දැඩි ගැටලුවලට මුහුණ දී සිටිති. එම ප්‍රදේශයේ ජලය භාවිතයට නුසුදුසු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට මේ අහිංසක ජනතාවට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. අපවිත්‍ර ජලය පානය කිරීම නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් ළමුන් සහ වැඩිහිටියන් නිතර රෝහල් ගත වන අතර මීට අමතරව හඳුනාගත් වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ නිසාම සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නය සලකා බලා ජලය පිරිපහදු කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට නිර්දේශ විය.

නිවැසියන් තම ආයාචනා ගම්මැද්දට දන්වා සිටි අතර ගම්මැද්ද පිළිතුරු දුන්නේය. අද (26/11/2022) ගම්මැද්ද ගම්වාසීන්ට පිරිසිදු පානීය ජල සැපයුමක් ලබා දුන්නේය.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න