වලලිය ප්‍රදේශවාසීන්ට යහපත් හෙට දවසක් උදාවේවා

වලලිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සුන්දර ගම්මානයකි. ගොවිතැනින් ජීවිකාව ගෙන යන පවුල් 300කට අධික සංඛ්‍යාවක් ජීවත්වන මෙම ගම්මානයේ පිහිටි ප්‍රධාන පාසල වන වලලිය මහා විද්‍යාලයේ සිසුන් 410කට අධික පිරිසක් අධ්‍යාපනය ලබති.

ලවණතාවය නිසා ජල මූලාශ්‍ර දූෂණය වීමත්, භූගත ජලයේ බැර ලෝහ තිබීමත් නිසා මෙම ගම්මානයේ වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය නොමැතිකම මෙම ප්‍රදේශයේ බරපතළ ගැටලුවකි. මෙම හේතූන් නිසා බොහෝ දෙනෙක් නිදන්ගත වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ලබති - සමහරු දැනටමත් මිය ගොස් ඇත.

මෙම ගැටලුව විසඳීම සඳහා ගම්වාසීන් බොහෝ පාර්ශ්ව දැනුවත් කළද පලක් නොවූයෙන් ගම්වාසීහු ගම්මැද්දට තම සතුට දන්වා සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ප්‍රතිලෝම ජල පෙරීමේ පද්ධතියකි.

ගම්මැද්ද ගම්මානවලට ගොස් ජනතා ගැටලු සොයා ඒවාට විසඳුම් ලබා දෙන ගම්මැද්ද ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට පෙරට එන අතර අද (2022/09/03) ප්‍රතිඔස්මෝසිස් ජල පෙරීමේ ක්‍රමයේ වැඩ ගම්වාසීන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් කරමින් පානීය ජල ප්‍රශ්නය අවසන් කිරීමට ආරම්භ කරනවා.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න