අධ්‍යාපනය
අවශ්‍ය මුළු මුදල
0
.
සංවර්ධන ප්‍රගතිය
කුඹුකන්ද ප්‍රාථමික පාසල පිහිටා ඇත්තේ විල්ගමුව , කුඹුකන්ද ගම්මානයේය. එම පාසලේ සිසුන් 100ක් පමණ සිටින අතර, එම පාසලට වසර 40 ක පමණ ඉතිහාසයක් ඇත. එම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ආදායම ගොවිතැන සහ වැලි ගොඩ දැමීමයි. මෙම පාසලට ඇති විශාල අඩුපාඩුවක් වන්නේ පුස්ථකාලයකි.
මෙම ප්‍රදේශයේ බොහෝ පාසල් සංවර්ධන නොවූ පාසල්ය. මෙම පාසල් වලින් බොහොමයක් පුස්ථකාල පහසුකම් නොමැති වන අතර, ඔවුන්ට පුස්ථකාලයක් ලැබුනොතින් අමතර අධ්‍යාපනයට සහ අතිරේක දැනුම පුලුල් කිරීමට උපකාරි වේ.
ගම්මැද්ද විසින් කුඹුකන්ද පාසලට ස්ථිර පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකරන ලදි. මෙම පුස්තකාලය, දරුවන්ට දැනුම් උල්පතකි. මෙම පුස්තකාලය විල්ගමුවට පමණක් නොව තවත් අසල්වැසි ගම්මාන 10 කට ප්‍රයෝජනවත් වෙයි. ඔවුන්ගේ විෂය නිර්දේශය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සඳහා පුස්තකාලය පහසුකම් සපයයි