අධ්‍යාපනය
අවශ්‍ය මුළු මුදල
Rs. 5,000,000
.
සංවර්ධන ප්‍රගතිය
සිංහඋඩහම GS කොට්ඨාශයේ දරුවන්ට අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා පෙර පාසලක් අවශ්‍ය වේ. මිලියන 5 කි.
සිංහඋදහගම ග්‍රාමීය නිලධාරි කොට්ටාශය අයත්වන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ග්‍රාමසේවා වසමටය.මෙහි පවුල් 380 ක් පමණ ජීවත් වේ.දැනට මෙම දරුවන් පෙර පාසල ලෙස භාවිතා කරන්නේ මරණාධාර සමිති ගොඩනැගිල්ලය .සමිතියේ අනෙකුත් කටයුතු සඳහා මෙම ඉඩකඩ භාවිතය නිසා පෙර පාසල පවත්වන්න වන්නේ සතියකට දෙතුන්වතාවකි. මෙනිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇත.
ප්‍රදේශ වාසීන් ගම්මැද්ද කාර්යාලයෙන් කල ඉල්ලීම පරිදි , රජයේ ඉන්ජිනේරුවන්ගේ අධීක්ෂණය හා එක්ව ගම්මැද්ද මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අපේක්ෂා කරන්නේ ගම්වැසියන්ගේද සහය ඇතිවය.