වව්නියාවේ ගම්වාසීන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයන් විසඳීමට ගම්මැද්ද පියවර ගනී

211D ක්‍රිස්තාවකුලම් යනු වවුනියාව දිස්ත්‍රික්කයේ වෙන්ගල චෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිටිසර ගම්මානයකි. ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය නොමැතිකමෙන් පීඩා විඳි ගොවිජන පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් මෙම ගම්මානයේ වාසය කරයි. ප්‍රමාණවත් ජල මූලාශ්‍ර තිබුණද එම ජලය පරිභෝජනයට සුදුසු නොවේ. පිරිසිදු නොකළ මතුපිට ජලය පානය කිරීමට ඔවුන්ට බල කෙරේ. 2020 දී ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරයේදී ගම්මැද්ද මෙම ගැටලුව හඳුනා ගත්තේය. දන්ත ෆ්ලෝරෝසිස් තත්ත්වයෙන් පීඩාවට පත් වූ ක්‍රිස්තාවකුලම් වැසියන්ගෙන් කුඩාම අය පවා අපි දුටුවෙමු. මීට අමතරව ජලය ලවණ මිශ්‍ර වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ නිදන්ගත වකුගඩු රෝග ඇති වේ.

අවසානයේ මේ ජනතාව පිරිසුදු පානීය ජලය ලබා ගැනීමට කරන අරගල කරළියට ගෙන ආවා. කොළඹ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන වී නඩේසන් මහතා මෙම ව්‍යාපෘතියට අරමුදල් සැපයීමට ඉදිරිපත් වූයේ කාරුණිකවය. ජල සාම්පල පරීක්‍ෂාවෙන් පසුව, ජලය පරිභෝජනය සඳහා භාවිත කිරීම සඳහා Reverse Osmosis පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවට උපදෙස් දෙන ලදී.

තවත් ප්‍රමාදයකින් තොරව, අපි නැවත වරක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අත්වැල් බැඳගත් අතර, Reverse Osmosis පදනම් කරගත් පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2021 ජූලි 17 වන දින පැවැත්විණි. වසංගතය මධ්‍යයේ වුවද ඉදිකිරීම් කටයුතු තවමත් සිදු වෙමින් පවතී.

ව්‍යාපෘතිය ඉක්මනින්ම ක්‍රිස්තාවකුලම් ප්‍රදේශවාසීන්ට භාරදීමට අපි උනන්දුවෙන් බලා සිටිමු.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න